| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • You already know Dokkio is an AI-powered assistant to organize & manage your digital files & messages. Very soon, Dokkio will support Outlook as well as One Drive. Check it out today!

View
 

ඇන්ටෙනා හදමු

Page history last edited by rajitha ramyakantha jayaweera 11 years, 9 months ago

මුලපිටුව​ අධ්‍යපනවේදී උපධි පාඨමලා සටහන් | ගණිත ක්‍රියාකාරකම් | මාගැන තොරතුරු | මා ඇමතීමට 

 

ආයුබෝවන් අපි අද බලමු ඇන්ටනා හදන්න ඕන කරන මූලික දේවල් මොනවද කියල.පහත සඳහන් දේවල් තමයි සොයා ගන්න වෙන්නෙ.සොයාගන්න කිව්වට මේ සේරම දේවල් කඩෙන් සල්ලි දීල ගන්න තමයි වෙන්නෙ.සල්ලි වියදම් උනාට දැනට වෙලදපලෙන් ගන්න තියෙන ඇන්ටනාවක මිලට වඩා සෑහෙන අඩු මිලකට අපට අවශ්‍ය විදිහට ඇන්ටනා හදාගන්න පුලුවන්.


පහත දැක්වෙන දෑ හාර්ඩ්වෙයා වෙළද සැලකින් හෝ ඉලෙක්ට්‍රොනික අමතර කොටස් විකුණන තැනකින් පහසුවෙන් මිලට ගන්න පුලුවන්.


1 අඟල් 3/8 විශ්කම්භය සහිත අලුමිනියම් බට.(ඇන්ටනා හදන් ඇලුමිනීයම් බට කියා ඉල්ලන්න)

2 අඟල් 1/2 හත‍රැස් ඇලුමිනියම් බාර් කැබැල්ලක්(දිග අඩි තුනක් පමණ සෑහේ )

3 ඩයිපෝල් පෙට්ටිය(මෙය රවුම් හෝ හත‍රැස් ආකාරයෙන් ලබා ගත හැක )

4 U බෝල්ට් එකක්(ඇන්ටනාව ඇන්ටනා කණුවට සවි කිරීමට)

5 එන්ඩ් කැප්

6 එලිමන්ට් හෝල්ඩර්(වැඩි විස්තර ඉදිරියට)

7 ඩ්‍රිල් එකක්(හිල් විදින්න)

8 ඉස්කුරුප්පු නියන්(මල් හා ෆ්ලැට්)

9 අඬුවක්

10 බෝල්ට් ඇණ(අවශ්‍ය පමණට)
දැනට මතක් වෙන්නෙ ඔච්චර තමයි.තව මතක් වෙන ඒවා ඒ වෙලාවට දාන්නම්.මුලින්න පහත තියෙන පින්තූර ටික බලල මේ දේවල් අදුර ගන්නකෝ.

අඟල් 3/8 විශ්කම්භය සහිත අලුමිනියම් බට.(ඇන්ටනා   බට ) 

 



ඩයිපෝල්/ඇන්ටනා බොක්ස්(මේ තියෙන්නෙ ඇඳපු රූපයක්)



අපි මුලින්ම හදන්නෙ යාගී වර්ගයේ ඇන්ටනාවක්.මේ ඇන්ටනාව නිර්මානය කලේ ජපන් ජාතිකයෙන් වන යාගී නැමැත්තෙක්.ඔහුට කරන උපහාරයක් ලෙස මේ නම භාවිතා කරයි.අපි දැන් හාෆ් වේව් ආකාරයේ ඩයිපෝල් එකක් හදමු.පහත රූපයේ පරිදි අදාල මිනුම් උපයෝගී කරගෙන මෙය හදාගන්න.රූපයේ දැක්වෙන ආකාරයට අඩි 2 ක් දික ඇලුමිනියම් බට දෙකක් ගන්න.ඒවා රූපයේ පරිදි නවා ගන්න.(Bend එක සුමටව නවා ගන්න.)දැන් ඩයිපෝල් පෙටිටිය (ඇන්ටනා බොක්ස්) එක ගන්න එහි දෙපැත්තෙන් ඔබට හිල් 4 ක් පෙනේවි.දැන් දෙපැත්තේ සමාන්තරව ඇති හිල් දෙකකට ඇලුමිනියම් බට දෙක දාන්න.අවශ්‍ය තැන් වල ඩ්‍රිල් එක මගින් හිල් විද ගන්න(A B යන තැන් හිල් කරන්න .එතැනට පහත පරිදි කේබල් සවිකර බෝල්ට් ඇණ  සවිකරන්න)

A B අතර පරතරය සෙන්ටිමීටර් 2 පමණ තබන්න.
A B  ස්ථාන 75 ඕම්ස් කේබල් එක සම්බන්ධ කරගන්න.කේබල් එකේ තඹ කම්බිට එක බටයකටත් අනෙක් බටයට කේබල් එකේ ඇලුමීනියම් හෝ තඹ දැල සහිත කොටස සම්බන්ධ කරන්න.
C D  අතර දුර සෙන්ටිමීටර් 4 හෝ 5 පමණ තබන්න.
D E  අතර දුර සෙන්ටිමීටර් 27 පමණ තබන්න.
සේරම සම්බන්ධ කරල ඩයිපෝල් පෙට්ටිය හත‍රැස් අලුමිනියම් බාර් එකට සම්බන්ධ කරන්න.මේ සඳහා ඩයිපෝල් පෙට්ටිය ඇතුලේ ඇති හිල තුලින් බෝල්ට් ඇණයක් දමා ගන්න.(ඇලුමිනියම් බාර් එකේ අදාල තැන හිල් කරන්න.)දැන් මේ වගේ පෙනේවි.දැනට අපි අවධානය යොමු කරන්නේ හයිලයිට් කරපු කොටසට විතරයි.



මේ මිනුම් පොඩ්ඩක් විතර වෙනස් උනාට කමක් නෑ( මිලි මීටර් 1ක් 2ක්).ඩයිපෝල් එක තමා ඇන්ටනාවේ වැදගත්ම කොටස. රූපවාහිනී හෝ ගුවන් විදුලි සංඥා ග්‍රහනය කරගන්නෙ සහ ඇන්ටනා කේබල් එක සවි කරන්නෙ මේකට.ඩයිපෝල් එකේ නැවීමේ කටයුතු ඔයාගේ දක්ශතාවය මත තමයි සිද්ද වෙන්නෙ.බට කඩා ගන්නෙ නැතුව සුමටව නවා ගන්න.බට නවද්දි දිග බට ගෙන නවා ගෙන පසුව යකඩ කපන කියත් පටියකින් අවශ්‍ය විදිහට කපා ගන්න.ඇලුමිනියම් බාර් එකට රූපයේ පරිදි යූ බෝල්ට් එක සවිකරන්න.මේක ඇන්ටනාව ඇන්ටනා කණුවේ සවිකිරීමට උදව් වෙනවා.
දැන් ඇන්ටනාව පොලොවේ හිටවලා ටීවී එක ටියුන් කරල බලන්න.

Comments (0)

You don't have permission to comment on this page.