| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • You already know Dokkio is an AI-powered assistant to organize & manage your digital files & messages. Very soon, Dokkio will support Outlook as well as One Drive. Check it out today!

View
 

කාර් එකක් ගමු

Page history last edited by rajitha ramyakantha jayaweera 11 years, 9 months ago

මුලපිටුව​ අධ්‍යපනවේදී උපධි පාඨමලා සටහන් | ගණිත ක්‍රියාකාරකම් | මාගැන තොරතුරු | මා ඇමතීමට 

 

ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 126ක් යන්න පුලුවන් කාර් එකක් ගමු....

 

කට්ටිය හිතයි මේක නම් ලොවෙත් නැති කෙබරයක් කියලා ඒත් කතාව ඇත්ත. දැන් ලෝකෙට ඇවිල්ලා තියෙනවා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 126ක් යන්න පුලුවන් කාර් එකක්... සුද්දගෙම වචන වලින් කිව්වොත් "ගැලුමකින් හැතැප්ම 261".( 261 miles per gallon)

ඔය උඩ තියෙන පින්තූරෙ ඉන්නෙ එයා තමයි. එයාගෙ නම Volkswagen's XL1.කොහොමද? ඩීසල් ඉතුරුකරනවා වගේම ඇඟපතත් පොඩ්ඩක් ඇහැට කනට පේන තත්වයේ තියෙනවා.  කටාර් මෝටර් ෂෝ එකේදී තමයි මෙයා එලිබැහැලා තියෙන්නේ.


දැන් මං කියන්නෙ කොහොමද මෙයා මෙච්චර ඩීසල් ඉතුරුකරන්නෙ කියලා.

පලවෙනි එක තමයි එයාගෙ හැඩය. ඉස්සරහ පොඩ්ඩක් පළලට තමයි හදලා තියෙන්නෙ පස්සට යන්න යන්න ටිකෙන් ටික පළල අඩු වෙලා. මේ හින්දා වෙන කිසිම කාර් එකක නැති විදිහට වාතය කපාගෙන ඉදිරියට යන්න පුලුවන් වෙලා තියෙනවා. හදපු කට්ටිය නම් කියන්නෙ ඒගොල්ලො මේ concept එක හොරකං කරගත්තා කියලා. (ලැජ්ජ නැතුව කියන හැටි) ලැජ්ජ වෙන්න ඕනෙ නෑ concept එක හොරකං කරන් තියෙන්නෙ ඩොල්පින්ගෙන්. 


ඊලඟට පිටිපස්සෙ රෝදෙ වහලා තියෙන්නෙත් වාත ප්‍රතිරෝධය නැතිකරන්නලු.( දැන් ඉතින් අහන්න එපා ඇයි බං ඉස්සරහ රෝදෙත් වහන්න තිබුනනෙ කියලා. ඉස්සරහ රොදෙ ඇරලා තියෙන්නෙ හදිස්සියකට ලඟපාත වින්කලේකට අල්ලලා හුලං ටිකක් ගහගන්න :D )

මේකෙ පැති කණ්ණාඩි එහෙමත් නැත්නම් සිංහලෙන් කිව්වොත් side mirrors එහෙම නෑ. ඒ වෙනුවට වීඩියෝ කැමරා දෙකක් තමයි තියෙන්නේ. 

දෙවෙනි කාරනය තමයි කාර් එක හදලා තියෙන අමු ද්‍රව්‍යය එහෙම නැත්නම් material එක. carbon fiber reinforced polymer(CFRP) කියන material එක තමයි පාවිච්චි කරලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේක Formula 1 කාර් හදන්න තමයි පාවිච්චි කරන්නෙ. material එක නිසාම බර සෑහෙන්න අඩුවෙලා තියෙනවා. මුලු බර පවුන්ඩ්ස් 1,753ක් තමයි වෙන්නෙ.

හයිබ්‍රිඩ් තාක්ෂණය (hybrid diesel-electric engine)  පාවිච්චි කරන නිසා තවත් ඩීසල් ඉතුරුයි. නිෂ්පාදකයෝ කියන විදිහට ඩීසල් ලීටර් 0.9 කින් කිලෝමීටර් 100ක් ගියෑකි. පරිසර දූෂණයත් අඩුයි. කිලෝමීටරයකට කාබන්ඩයොක්සයිඩ් ග්‍රෑම් 24ලු පිටවෙන්නෙ. 

ඔන්න ඕකයි විස්තරේ දැන් ඉතින් කට්ටිය බල බල ඉන්නේ නැතුව එකක් ගමු. සල්ලි කීයක් ඉතුරුද? හැබැයි ඔන්න අරගෙන මාවත් රවුමක් එක්ක යන්න ඕනෙ විස්තරේ කිව්වට.

 

 

Comments (0)

You don't have permission to comment on this page.