| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • You already know Dokkio is an AI-powered assistant to organize & manage your digital files & messages. Very soon, Dokkio will support Outlook as well as One Drive. Check it out today!

View
 

පොළොන්නරුව

Page history last edited by rajitha ramyakantha jayaweera 11 years, 8 months ago

මුලපිටුව​ අධ්‍යපනවේදී උපධි පාඨමලා සටහන් | ගණිත ක්‍රියාකාරකම් | මාගැන තොරතුරු | මා ඇමතීමට

පොළොන්නරුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

 

 

පොළොන්නරුව-ශ්‍රි ලංකා‍‍ව

පොළොන්නරුව

ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.

[සංස්කරණය]පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම

අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසකි.

  • අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
  • ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස

දෙස් විදෙස් පතල කිර්තිනාමයක් පුරය‍ට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.

පොළොන්නරුව රාජධානිය කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් "මහා විජයබාහු රජතුමා" සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල "මහා පරාක්‍රමබාහු රජතුමාය" ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.

ප්‍රරාක්‍රම සමුද්‍රය

වටදා ගෙය

ලංකා තිලක

Galpotha

  • ඇතුල් නුවර
  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්)

[සංස්කරණය]පුරාවස්තු

  • පරාක්‍රම සමුද්‍රය
  • පුරාවිද්‍යා කෞතුකාගාරය
  • ශිව දේවාලය
  • වටදා ගෙය
  • හැටදා ගෙය
  • මැණික් වෙහෙර
  • ලංකා තිලක
  • තිවංක පිළිමගෙය
  • පරාක්‍රම මාලිගාව
  • නිශ්ශංකමල්ල මාලි‍ගා සංකිර්ණය
  • නිශ්ශංකලතා මණ්ඩපය
  • අ‍ටදා ගෙය
  • සත්මහල් ප්‍රසාදය
  • රන්කොත් වෙහෙර
  • කිරිවෙහෙර
  • පොත්ගුල් වෙහෙර
  • කුමාර පොකුණ
  • නෙලුම් පොකුණ

[සංස්කරණය]පරාක්‍රම සමුද්‍රය

ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්නර20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයක‍ට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු "වෛජසන්න ප්‍රසාදය" හෙවත් "සත්මහල් ප්‍රසාදය" අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත.පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වය‍ක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.

බෞද්ධ ගෘහ නිර්මාණ,ශිල්පයන්,බෞද්ධ කලාවන්,හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන්, හින්දු කලාවන්පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත.එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත්සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි.මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

අතීතයේ මහේශාක්‍ය දිවිපැවැත්මේ සහ ප්‍රතිභාවෙි යටගිය පුවත් බොහෝ දුරට ඉස්මතු කර දෙමින් වත්මන් පොළොන්නරුව සාඩම්බරව නැගිසිටින්නට උත්සාහ දරමින් ඇත.ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්‍රිවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට ක‍ටයුතු කිරිම නිසා එම ශ්‍රි විභුතිය වඩාත් ඹපනැංවි පවතින බව කිව යුතුය.

  • Lotus.gif
  •  
  • Galvihara.gif
  •  
  • Polonnaruwa.gif

ප්‍රවර්ග (++): 

 

 

Comments (0)

You don't have permission to comment on this page.