| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • Work with all your cloud files (Drive, Dropbox, and Slack and Gmail attachments) and documents (Google Docs, Sheets, and Notion) in one place. Try Dokkio (from the makers of PBworks) for free. Now available on the web, Mac, Windows, and as a Chrome extension!

View
 

විල්පත්තු ජාතික වනෝද්‍යානය

Page history last edited by rajitha ramyakantha jayaweera 9 years, 2 months ago

මුලපිටුව​ අධ්‍යපනවේදී උපධි පාඨමලා සටහන් | ගණිත ක්‍රියාකාරකම් | මාගැන තොරතුරු | මා ඇමතීමට

විල්පත්තු ජාතික වනෝද්‍යානය

 

විල්පත්තු ජාතික වනෝද්‍යානය


විල්පත්තුව, Wilpattu

මැයි 22, 2010 Nilo ගෙනි

Click here to get Sinhala Unicode.

කාලාන්තරයක් ත්‍රස්තවාදී යුද්ධයේ සෙවනැල්ලට වැසී තිබූ ලංකාවේ විශාලතම වනජීවී උද්‍යානය වන විල්පත්තුව අද සාමාන්‍ය ජනතාවට විවෘතව ඇත. හෙක්ටයාර 131,000කට අධික භූමි ප්‍රමාණයකට උරුමකම් කියන විල්පත්තුව අනුරාධපුර, මන්නාරම් සහ පුත්තලම් දිස්ත්‍රික්කයන්ට අයත්ව පිහිටා තිබේ.

විල්පත්තුව පුරා ඝණව කටු පඳුරු හා තුරුවැල් පිහිටා ඇති අතර ඒ නිසාම අලි ඇතුන්ගේ ගහනය විල්පත්තුවේ කොටසකට සීමාවී පවතී. දිවියන්ගේත්, වලසුන්ගේත් තෝතැන්නක් ලෙස ප්‍රචලිත විල්පත්තුවේ විල්ලු 60ක් පමණ පිහිටා ඇති බව වාර්තා වේ. මුවන්, කුළු හරකුන්, කිඹුලන්, මොණරුන්, හිවලුන් මෙන්ම විවිධ පක්ෂි විශේෂ රාශියක්ද අපට විල්පත්තු වනෝද්‍යානය තුල දැකගන්නට හැකිය. මේ අතර ඉහත් කී විල්ලු 60න් 2ක් මුහුද හා කිසිඳු සම්බන්ධතාවයක් නොමැති වුවද කරදිය විල්ලු වීම විශේෂත්වයකි. අතීතයේදී මේ ප්‍රදේශයේ සිදු වූ භූ විපර්යාසයකින් මුහුද යට තිබූ ප්‍රදේශයක් වූ විල්පත්තුව ඉලිප්පී ඇති බව එක් මතයකි. ඒ මතයට තවත් හේතුවක් වනුයේ වනන්තරය පුරා මුහුදු වැලි විසිරී තිබීමයි. මේ වනන්තරය විවිධ ලක්ෂණ පෙන්නුම් කරන අතර වැලිමය ස්වභාවය නිසා කතරක සිරියක්ද වරෙක උසුලයි.

කුදිරමලේ තුඩුව

විජය කුමරුන් ගොඩ බස්නා ලදැයි කියැවෙන තම්බපණ්ණිය හෙවත් කුදිරමලේ තුඩුව විල්පත්තුවේ තවත් එක් ආකර්ෂණීය ස්ථානයකි. කුදිරමලේ තුඩුවේ භූ විෂමතාවය කාගේත් නෙත් සිත් ඇදගනු ඇත්තේ එහි වූ ගල් තලාවේ ස්වභාවයත් මුහුදට මායිම්ව අති අඩි 20ක පමණ දළ බෑවුමත් නිසාය. නොගැඹුරු, සුපැහැදිලි මුහුදේ විවිධාකාර මත්ස්‍ය විශේෂ ගැවසෙන අයුරු දක්නට හැකිය. කුදිරමලේ සිට බටහිර දෙස බැලූ විට කල්පිටිය සහ ඒ ආශ්‍රිත දූපත් දිස්වේ. කෙටි දුරක් උතුරට පාගමනින් ගිය විට විචිත්‍ර වෙරළ තීරයකට ළඟා විය හැකි අතර එහිදී ස්නානයටද අවකාශ හිමි වේ. වන රජදහන තුල අනේකවිධ නටඹුන් දැකිය හැකි අතර ඒ අතරින් කුවේණි මාළිගය ප්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන්ම විජයාගමනය ආශ්‍රිත කාල වකවානුව තුල මෙම ප්‍රදේශය යක්ඛ ගෝත්‍රිකයන්ගේ මර්මස්ථානයක්ව තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකිය. මීට අමතරව ප්‍රාග් ඓතිහාසික වැදගත්කමකින් යුතු පොම්පරිප්පුවද විල්පත්තුව තුලම පිහිටියද අපි එහි යන කාලය (2010 අප්‍රේල්) වන විට ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තවමත් තහවුරු කර නොතිබිණි.

වනෝද්‍යානයට උදෑසනින්ම (පාන්දර 6) යෑම වැදගත්ය. මෑතදී විවෘත කෙරුණු නිසා තවමත් සතාසීපාව කුලෑටි ගති ලක්ෂණ පෙන්වයි. එනිසා ඔවුන් ක්‍රියාශීලී හිමිදිරියේ, මිනිස් හැසිරීම් අඩු විටදී සතුන් දැකීම වඩාත් පහසුය. දිවියකු, වලසකු දකින්නට නම් වාසනාව තිබිය යුතුමය. අප විල්පත්තු ගිය විට වලසකු දකින්නට පිං කර තිබුණත් දිවියන්ගේ පා සටහන්වලට එහා දෙයක් නුදුටුවෙමු. එය එසේ වෙතත් විල්පත්තු ගමන දිවියකු, වලසකු නුදුටුවත් මතකයෙන් නොමැකෙන සොඳුරු විනෝදබර ගමනක් වනු නිසැකය.

තුරු ගොමු අතරින්...

දහවල් ආහාරය වනෝද්‍යානය තුල පිසගෙන කෑමට අවකාශ වනජීවී දෙපාර්තුමේන්තුව විසින් ලබා දී ඇති අතර ඊට කදිමම ස්ථානය කොක්මොටය බංගලාවය. තනිකර දැවයෙන් නිමැවූ කොක්මෝටේ බංගලාව අදටත් අත හැර දමා තිබේ. මෝදරගම් ආරු නම් වූ ගංගාව අසබඩ පිහිටි දෙමහල් බංගලාව එක් පසෙකින් A අකුරේ හැඩයත් අනෙක් පසින් W අකුරේ හැඩයත් ගනී. කොක්මොටේ බංගලාව අසල ලබාගත් දහවල් ආහාරය ගත සිත ප්‍රබෝධවත් කරන්නක් විය. මෝදරගම් ආරුවද සෞන්දර්යයාත්මක මනරම් ජල පහරකි. නෑමට, විනෝදවන්නට කදිම තැනකි.

යුද්ධය පුරාවට විල්පත්තුවේ කොටි ක්‍රියාකාරකම් සිදු වී ඇති අතර වනජීවී නිලධාරීන් ඒ නිසා කොටින්ට දිවි පුදාද ඇති බව අපට අසන්නට ලැබුණි. ලංකාවේ විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාකරුවකු වූ නිහාල් ද සිල්වා මහතා 2006දී මිය ගියේද විල්පත්තුවේදීමය. ඒ ඔහු ගමන්ගත් ජීප් රථය බිම් බෝම්බයකට හසු වීමෙනි. අදටත් එම රථයේ සුන්බුන් වනෝද්‍යානයේ දැකගන්නට පුළුවන. නිහාල් ද සිල්වා ලියූ The Road From Elephant Pass නවකතාවේ විශාල කොටසක් විල්පත්තුව ආශ්‍රිතව ලියැවී ඇත. එම කතාව 2009දී අලිමංකඩ නම් චිත්‍රපටයක් වශයෙන් එළිදැක්විනි. 2006දී වනෝද්‍යානය වසා දැමූ පසු බොහෝ සංචාරක බංගලා කොටි ලැගුම්හල් ලෙස භාවිතා වූ බවට අදටත් සාක්ෂි ශේෂව ඇත.

බිම් බෝම්බයට ගොදුරු වූ ජීප් රියේ අවශේෂ කොටස්..

කෙසේ වෙතත් විල්පත්තුව තුල නවුක හමුදා කඳවුරක් ඉදිකිරීම හරහා පරිසරයට යම් හානියක් සිදු වී ඇති බව පෙනි යන්නේ නවුක හමුදාව විසින් තමන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා කැලය එළි කර තිබීමෙනි. මීට අමතර ප්‍රබල දේශපාලකයකුගේ මෙහෙයවීමෙන් අඩි 40ක් 50ක් පමණ තීරුවක් කැලයේ බටහිර ඉවුරට වන්නට කපා දමා තිබෙන්නේ මන්නාරමට අධිවේගී මාර්ගයක් තැනීමටය. එය හොඳ වුණත් ඒ හරහා විශාල පරිසර හානියක් සිදුවී ඇති අතර දිවියකු ඇතුළු සතුන් රැසකට ඒ ව්‍යාපෘතිය නිසා දිවි අහිමි වූ බවත් දැනගන්නට ලැබුණි. මේ මාර්ගයේ ප්‍රධාන අරමුණ කැලයේ දැව දේශපාලකයාට ලබා දී ඔහුගේ හෝටලයකට පිවිසුම් මාර්ගයක් ලබා දීම යැයිද රාවයක් පවතී. ඒ කෙසේ වෙතත් විල්පත්තුව ආරක්ෂා කිරීම ඔබ අප කාගේත් උත්තුංග වගකීමකි.

පිවිසෙන හැටි…

වනෝද්‍යානයට පිවිසුම පිහිටියේ පුත්තලම – අනුරාධපුර A12 මාරගයේ පුත්තලමේ සිට කි.මි. 30ක් පමණ ගිය තැන නොච්චියාගම නගරයට පෙරාතුව (අනුරාධපුරයේ සිට නම් පුත්තලම පාරේ කි.මි.40ක් පමණ ගොස් නොච්චියාගම පසු වූ පසු) වූ විල්පත්තු හන්දියෙන් වමට හැරී කි.මී 7ක් ගිය තැනය. ඔබ 4 වීල් රථයකින් නොපැමිණෙන්නේ නම් විල්පත්තු හන්දියෙන්ම රථයක් කතා කරගෙන ඒම සුදුසුය. සාමාන්‍යයෙන් උදෑසන 6 සිට සවස 6 දක්වා වනෝද්‍යානය වටා සැරිසැරීමට රු.7000ක් පමණ මුදලක් අය කෙරේ. මීට අමතරව ප්‍රවේශපත්‍ර ඇතුළු සෙසු ගාස්තු පිවිසුමේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත යුතුය.

අවට ආකර්ෂණයන්

සුප්‍රකට තබ්බෝව රක්ෂිතව පුත්තලමට ආසන්නයේ පිහිටා ඇති අතර අනෙක් පසින් අනුරාධපුරය ඓතිහාසික නගරය පිහිටා ඇත.

පහසුකම්

තවමත් විල්පත්තුව තුල නවාතැන් පහසුකම් අලුත්වැඩිය කර නැත. යුද්ධය නිසා අතැර දැමූ බංගලාවන් අලුත්වැඩියා කර නුදුරේදීම ජනතාවට ලබා දෙනු ඇතැයි අප ප්‍රාර්ථනා කරමු. එසේ ලබා දෙන දාට කොක්මොටේ බංගලාව සිහියේ තබා ගන්න. තනි දැවයෙන් ඉදි කළ ලෝකයේ වනෝද්‍යාන බංගලා කිහිපයෙන් එකක් වන එහි ලැගුම් ගැනීම සොඳුරු අත්දැකීමක් වනු ඇත. වනෝද්‍යානයෙන් පිටත විල්පත්තු හන්දිය, නොච්චියාගම හා කලාඔය ආශ්‍රිතව නවාතැන් කිහිපයක් ඇත. කෙසේ වෙතත් පුත්තලම හෝ අනුරාධපුර යන නගර ද්වයයේ අනිවාර්යයෙන් ඔබට නවාතැනක් සොයාගන්නට හැකිවනු ඇත.

කොක්මොටේ බංගලාව

 

 

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයට බටහිර දිසාවෙන් කි. මී. 30 පමණ දුරින් වන අතර මෙහි සීමාව උතුරු මැද සහ උතුරු නැගෙනහිර පළාත් අතර පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 152 උසින් පිහිටා ඇත. විලිපත්තු යන නමෙහි තේරුම ගත් විට එය විල් සහිත බිමක් ලෙස දැක්විය හැක. භූ ගෝලීය ලෙස ගත්විට මෙය වර්ග සැතපුම් 425 ප්‍රමාණයක පැතරී ඇති අතර මෙම ප්‍රදේශයේ ඇති විශාලතම වනෝද්‍යානය ලෙසද සැලකිය හැක. මෙය අක්කර වලින් ගත්විට 131, 693 පමණ විහිදී ඇත. 1905 සිට සිට මෙය අභය භූමියක් ලෙස නම් කරන ලදි. මෙහි දේශගුණය ගැන බලන විට එය තරමක් ඝන වියළි කලාපීය කලාපයක් වේ. එමෙන්ම සුදු වැලි සහිත ඉවුරු වලින් යුත් ගලායන විල් මෙම කැලය තුළ පිහිටා ඇත. අතිවිශාල ගණයේ ශාක වර්ග සහ මුවෝ, අලි, ඌරන්, දිවියන්, වලසුන් යන වන සතුන්ගෙන් ද මෙම වනය ගහන වී ඇත. විල්පත්තු කැලය තුළ සිටිනා දිවියන් ගණන තවමත් හරියට ගණනය කර නැත. දිවියන්ගේ ගහනය නිසා මෙම වනෝද්‍යානය ලෝකයේ හොම ජාතික වනෝද්‍යාන අතරින් එකක් බවට පත්ව ඇත.

මෙම විල්පත්තු ජාතික වනෝද්‍යානය ඉතිහාසය දක්වා දිව වුවක් අතර ප්‍රසිද්ධ පුරාවෘත්තයකට අනුව බු. ව. 543 දී විජය රජු කුදිරමලෛයි නම් ස්ථානයට ගොඩබැස එහිදී කුවේණි නම් කාන්තාව විවාහ කරගත් බව කියැවේ. හුනාගත් පෞරාණික නටබුන් වලට අනුව කුවේණි ජීවත් වු ස්ථානය ලෙස කාලි විලු නම් ස්ථානය බවයි. මෙම කුදිරමලෛයි හා කාලි විලු යන ස්ථාන දෙකම විල්පත්තු අභය භූමීය තුල පිහිටා ඇති බව කියැ වේ. ඉතිහාසය තවදුරටත් පෙන්වා දෙන පරිදි නම්, වර්ෂ 2000 කට පෙර මෙහි දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු අශෝක මාලා විවාහ කරගෙන ජීවත් වුයේ ද මෙම විල්පත්තුවේ පිහිටි මරදන්මඩුව නම් ස්ථානයේ බවයි.

 

දේශගුණය පිළිබ ගැන සලකන විට මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය ආසන්න ලෙස සෙ. අංශක 27. 2 පමණ වන අතර වර්ෂාව ආසන්න ලෙස මිලි මීටර් 1000 කට ආසන්න ප්‍රමාණයක් වේ. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වු කාල සීමාව විල්පත්තු වනයට වැසි ලැබෙන කාලසීමාවන් වේ. අන්තර් මෝසම් වැසි මාර්තු , අප්‍රේල් යන කාල අතර ලැබේ. මැයි සිට සැප්තැම්බර් මුල දක්වා කාලය පුරා නියය පැතිර පවතී.

විල්පත්තු වනය විල්ලු සහ විල් වලින් ගහනව පවති. ආසන්න ලෙස විල් සහ වැව් 60 ක් පමණ මෙහි ඇති බවට සොයාගෙන ඇත.මෙම උද්‍යානයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස මෙය සැලකිය හැක. මෙම විල් වැසි ජලයෙන් පිරී ඇති පැතලි බේසම් ආකාරයෙන් යුක්ත වේ. මෙහි බටහිර පැත්ත සම්පූර්ණයෙන්ම වට වී ඇත්තේ කැලයෙනි. මේවා පළු, මිල්ල, වීර, කළුවර, වේවරණ යන විශාල ගස් වලින් යුක්ත වේ.

 

රට මුහණ දුන් ආරක්ෂිත හේතුන් මත 1988 දෙසැම්බර් සිට 2003 මාර්තු 16 දක්වා මෙම වනෝද්‍යානය වසා තැබිණී. අවුරුදු 16 කට පසු එය නැවතත් නරඹන්නන්ට විවෘත වීම සතුටට කරුණකි. නරඹන්නන්ට මෙයින් 25% ක ප්‍රමාණයක් වර්තමානයේ කාලයේ නැරඹිය හැක. මෙම වනෝද්‍යාලනය නැරඹීමට හොම මාස නම් පෙබරවාරි සහ ඔක්තොම්බර්ය. සංචාරක්යන්ට මෙහි මගපෙන්වීම සහා මෙහි බිහි වී ඇති Eco-Tourism කණ්ඩායම් කිහිපයක් ඔබටත් ගියහොත් දැක ගත හැකි අතර එපමණක් නොවSafari ද යා හැක.

 

Comments (0)

You don't have permission to comment on this page.