| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • Whenever you search in PBworks or on the Web, Dokkio Sidebar (from the makers of PBworks) will run the same search in your Drive, Dropbox, OneDrive, Gmail, Slack, and browsed web pages. Now you can find what you're looking for wherever it lives. Try Dokkio Sidebar for free.

View
 

තක්කාලි ජෑම් හදමු

Page history last edited by rajitha ramyakantha jayaweera 10 years, 8 months ago

මුලපිටුව​ අධ්‍යපනවේදී උපධි පාඨමලා සටහන් | ගණිත ක්‍රියාකාරකම් | මාගැන තොරතුරු | මා ඇමතීමට 

 

වැඩි තක්කාලි විසි නොකර ජෑම් හදමු

 


මේ දවස් වල හැම තැනම තක්කාලි පලදාව හොඳයි. පහුගිය දවස් වල තක්කාලි මිල අඩු වෙලා කිලෝ ගණන් විනාස කරලත් තිබුණනෙ. අපේ ගෙදර එළවළු කොටුවෙත් බල්බ් දැම්මා වගේ තක්කාලි හැදිලා.

ගෙදර ගියපු දවස් වල හැම වෑංජනේකටම තක්කාලි. පොල් සම්බෝලෙටත් තක්කාලි. තක්කාලි සම්බෝල, තක්කාලි හොදි විතරක් නෙමෙයි තක්කාලි තෙල් දාලත් කන්න ලැබුණා. අම්මපා මට ඒ දවස් ටිකේ තක්කාලි එක්ක තිබ්බ තරහක් නම්..


තක්කාලි වලින් හදන්න පුලුවන් හැම කෑමක්ම හැදුවට පස්සෙ තමයි අපෙ අම්මට මතක් උනේ තක්කාලි ජෑම් හැදුවෙ නෑනෙ කියලා. ඔයාලට උනත් ප්‍රයෝජන වෙන්න පුලුවන් මේ රෙසිපි එක මේ කාලෙ. හදලා බලමුද තක්කාලි ජෑම්.

අවශ්‍ය දේවල් නම් ඉතාම සීමිතයි. හොඳින් ඉදුණු තක්කාලි, සීනි සහ වැනිලා චුට්ටක් විතරයි ඕනෙ වෙන්නෙ.


මුලින්ම හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි ටිකක් අරගෙන (අපි නම් කිලෝ එක හමාරක් විතර ගත්තා) හොඳට සෝදගන්න. දැන් පැහෙන උණු වතුර තක්කාලි මතට වත් කරලා විනාඩි පහලවක් විතර තියන්න. ඊට පස්සෙ තක්කාලි ගෙඩි වල පොත්ත අයින් කරගන්න. යන්තමට තැම්බිලා නිසා පොතු අයින් කරගන්න ලේසියි.

ඊට පස්සෙ තක්කාලි ටික බ්ලෙන්ඩර් කරගන්න. ඕනෙ නම් ඊට පස්සෙ තක්කාලි ඇට ටික අයින් කරගන්නත් පුලුවන්. ඒත් අපි නම් එහෙම්මම තියෙන්න ඇරියා. කන වෙලාවට තක්කාලි ඇට තිබ්බා කියලා වෙනසක් දැනෙන්නෙ නෑ.

ඊට පස්සෙ බ්ලෙන්ඩර් කර ගත්තු තක්කාලි පේස්ට් එක භාජනේකට දාලා සීනි ග්‍රෑම් 500ක් විතර දාලා ලිපේ තියලා රත් කරන්න. මතක තියාගන්න මේ එක වෙලාවකදිවත් වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. එහෙම උනොත් කල් තියාගන්න බැරි වෙයි.

ලිපේ තියෙන මිශ්‍රණය නිතරම හැඳි ගාමින් ඉන්න. විනාඩි දහයකින් පහළොවකින් උකු ගතියට එනකොට වැනිලා බිංදු කීපයක් දාලා ලිපෙන් බාගන්න. දැන් නිවුණට පස්සෙ බෝතල් වල අසුරගන්න.




රස ගැන කියනවා නම් තක්කාලි රසක් නම් එන්නෙ නෑ අමුතුවෙන්. මට නම් සාමාන්‍ය ජෑම් රසම තමා එන්නෙ. තක්කාලි කිලෝ එක හමාරකින් මධ්‍යම ප්‍රමාණයේ ජෑම් බෝතල් තුනක් පුරවගන්න පුලුවන් ප්‍රමාණෙට ජෑම් හදාගන්න පුලුවන්. 

මේ දවස් වල සුපුරුදු තක්කාලි සහිත කෑම වලට අමතරව තක්කාලි ජෑම් සමඟ පාන්, තක්කාලි ජෑම් සමඟ රොටී, තක්කාලි ජෑම් සමඟ ක්‍රීම් ක්‍රැකර් විතරක් නෙමෙයි තක්කාලි ජෑම් සමඟ බටර් කේකුත් කැවෙනවා. දැන් ඉතින් තක්කාලි වාරෙ ඉවර වෙනකල් තක්කාලි වලින් නම් ගැලවීමක් නෑ.

 

Comments (0)

You don't have permission to comment on this page.